Gossips

කොටගල ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකුට බරපතළ තුවාල

හැටන් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා..
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් රියැදුරා බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අද (27) උදෑසන 8 පමණයි.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට හේතුව ත්‍රිරෝද රථ රියදුරාගේ අධික වේගය බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.