Gossips

කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල වෙරළ තීර දැඩි ලෙස අපවිත්‍ර වෙයි

කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල වෙරළ තීරයන් දැඩි ලෙස අපවිත්‍ර වීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
අනෙක් ස්ථානවලට සාපේක්ෂව මෙම වෙරළ තීරයෙහි කැළිකසල වැඩි වශයෙන් දැකිය හැකි බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ.
කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල වැඩි ජනගහනයක් ජීවත්වීම මීට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් කැලි කසල මුහුදට එකතු වීම වැළැක්වීම සඳහා දැල් යොදා ගනිමින් බාධක සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.