Gossips

ඕපාල්ගල රක්ෂිතයේ අනවසර එළි පෙහෙළි කිරීමක්

මොරගහකන්ද ජලාශය පෝෂණය වන නාවුල – ඕපාල්ගල රක්ෂිතයේ අක්කර 500 කට වැඩි භූමි ප්‍රමාණයක් කිසියම් ව්‍යාපාරිකයෙකු විසින් එළි පෙහෙළි කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් පවසනවා.
නාවුල – ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෙම රක්ෂිතයේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් වෙන් කර කොන්ක්‍රීට් කණු යොදා ස්ථීර වැටක් ද ඉදිකර ඇති බවයි ඔවුන් කියා සිටියේ.
රක්ෂිතය මෙලෙස හෙළි පෙහෙළි කිරීම නිසා තම ජල අවශ්‍යතා සපුරා ගන්නා ඇළ මාර්ග ද සිදී යෑමේ අවදානමක් මතුව ඇති බවටද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.
අප මේ පිළිබදව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඕපාල්ගල රක්ෂිතයේ වන විනාශය පිළිබඳව මේ වනතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.