Gossips

ජානිපෙ කොළඹදී කළු විරෝධතාවක

මහ බැංකු බැඳුම්කර වංචාවට වසර 4ක් ගත වුවත්, ඊට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ අද මහ බැංකුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
එහි සාමාජිකයන් මෙම විරෝධතාවට එක්වූයේ කළු පැහැති ලෝගුවක් පැළඳ ගනිමින්.
පිටකොටුව – කාන් ඔරලෝසු කණුව අසලින් මෙම විරෝධතාවය ආරම්භ කළ අතර, පසුව පාගමනින් මහ බැංකුව අසලට පැමිණියා.
මේ අතර බැඳුම්කර වංචාව සිදුවී වසර 4 ක් ගත වුවත් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව ආණ්ඩුව මෙතෙක් නඩු පවරා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී ආණ්ඩුවට එරෙහිව කතරගම සිට කොළඹට පාගමනක් ද සංවිධාන කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.