Gossips

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වී අලෙවි මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ අත්අඩංගුවට ගත් මොහු 39 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු විසින් සොරකම් කරන ලද වී තොඟයෙහි වටිනාකම රුපියල් 68,100 ක් පමණ වනවා.