Gossips

නයිජීරියාවේ හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධුරයට

නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ, ඡන්ද එක්කෝටි පනස් එක් ලක්ෂ 91,947ක් ලබා ගනිමින්.
ඒ අනුව ඉදිරි වසර 4ක කාලයක් සඳහා ඔහු නයිජීරියාවේ පාලන බලය හොබවනු ඇති.
ජයග්‍රහණයත් සමඟ ඔහුගේ පාක්ෂිකයින් වීථී පුරා ප්‍රීති ඝෝෂා පවත්වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙවර ජනාධිපතිවරණයට ඔහු සමඟ තරඟ වැදුණු ප්‍රතිවාදියා වන අටිකු අබුබකර්, ඡන්ද මිලියන 4කින් පමණ පරාජය කිරීමට හිටපු ජනාධිපතිවරයා සමත් වුණා.