Gossips

කෑගල්ලේදී ජීප් රථයක් මෝටර් රථයක ගැටී දෙදෙනෙකුට තුවාල

කෑගල්ල පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය සම්බන්ධවන ස්ථානයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ කුඩා මෝටර් රථයක්.
අනතුරින් මෝටර් රථයේ ගමන්කළ දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
පසුව බරපතළ තත්වයේ පසුවූ අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඒවා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෑගල්ල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
අනතුර සිදුවන අයුරු එම ස්ථානයේ ඇති CCTV කැමරා අලෙවි සැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.