Gossips

රාජ්‍ය සේවාවන් රැසක් බිඳ වැටේ – විධායක නිලධාරීන් අද වර්ජනයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් වර්ජනයේ නිරත වන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩිවීමක් ලබාදීමට විරෝධය පළකරමින්.
එම ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පෙන්වා දෙන්නේ මේ හරහා රජයේ අනෙකුත් සමාන්තර සේවාවල විධායක නිලධාරින්ට බරපතල වැටුප් විෂමතාවක් ඇතිව තිබෙන බවයි.
රාජ්‍ය සේවයේ විධායක නිළධාරීන් 15,000ක් පමණ සිටිනවා.
අද ක්‍රියාත්මක සංකේත වර්ජනයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුලු වෘත්තිය සමිති 15ක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු වගකිවයුතු නිලධාරින් සමග සාකච්ජාවක් අරලියගහ මන්දිරයේදි ඊයේ පැවැත්වුණු නමුත් එය අසාර්ථක වී තිබෙනවා.