Gossips

රත්ගම සිද්ධියේදී කප්පම් ඉල්ලා ලැබුණු දුරකථන පණිවුඩ ගැන පොලීසියට පැමිණිල්ලක්

පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු බව කියන රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කප්පම් ඉල්ලා ඥාතීන්ට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳව, ඔවුන් අද රත්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු රැගෙන යාමට භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිද්ධියට විරෝධය පළ කරමින් පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර ඥාතීන්ට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ එම ව්‍යාපාරිකයින් දෙදෙනා ජීවතුන් අතර සිටින බවයි.
එසේම ඔවුන් මුදා හැරීමට නම් රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් අවශ්‍ය බවද එම දුරකථන ඇමතුම් වලින් කියවුණා.
මෙම ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අද ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා.
එසේම මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවට පැවසෙන වළස්මුල්ල – කනුමුල්දෙණිය රක්ෂිතයෙන් හමුවූ තවත් අස්ථී කොටස් කිහිපයක් අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා.
ඒ, වළස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ අදාළ අස්ථී කොටස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.