තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවි චානක මහතා අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ කිසියම් පුද්ගලයෙකු ලවා තම නිල රථයට යම් කිසි දෙයක් දැමීමට උත්සාහ කිරීමට එරෙහිවයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු බව සඳහන් කරන පුද්ගලයෙකු සමග එක්ව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ඩීවි චානක මන්ත්‍රීවරයාගේ නිල රථයක කිසියම් දෙයක් දමන්නැයි ඉල්ලා සිටි බවට අජිත් ලක්මාල් නම් පුද්ගලයෙක් ඊයේ පොලිස් කොමිසමට පැමිණිල්ලක් සිදු කළා.
තමාගේ සහ පැමිණිල්ල යොමු කළ තරුණයාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා ඩීවි චානක මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පොලිස් කොමිසමට පැමිණිලි කළේ ඒ අනුවයි.