Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව මැයි 21

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට එරෙහි මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ලබන මැයි 21 වනදා ලබාදෙන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ, ඊට අදාළ පෙත්සම ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේයි.rnrn