Gossips

UNP මන්ත්‍රීවරියක් UNP මන්ත්‍රීවරයෙකුට චීත්තයක් අන්දවයි

කටුනායක ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී ඇතිවූ ගැටළුවක් මුල්කරගෙන අද සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර උණුසුම් තත්වයක් හට ගත්තා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක්, මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල කිරීමත් සමඟ සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා.
අනතුරුව එම උණුසුම් තත්ත්වය දුරකතනයෙන් වීඩියෝ කළ තවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අදාළ මන්ත්‍රීවරිය විසින් චීත්තයක් හිස මතට දැමීම සිදු වුණා.