Gossips

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේට ලබාදුන් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පෞද්ගලික හේතුවක් මත පදනම්ව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ගමනාගමන මණ්ඩල සභාපති රමල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ දී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අතර, මතභේදකාරී තත්ත්වයක් හට ගැනුණු බවට වාර්තා වුණා.