Gossips

ජනප්‍රිය ගායක චලක චමුපති අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය ගායක චලක චමුපති අද (26) අලුයම සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුර ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.