Gossips

පල්ලෙකැළේදී හමුදා සෙබලෙකු, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන, දිවි හානි කර ගනී

පල්ලෙකැළේ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ මොහු සිය රාජකාරී ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඔහු මෙලෙස දිවි හානි කරගෙන ඇති අතර මිය ගිය හමුදා සෙබලා කුණ්ඩසාල – පල්ලෙකැළේ ජනපදයේ පදිංචි 26 හැවිරිදි එක්දරු පියෙක්.
මේ අතර, ඒ – 9 මාර්ගයේ මිහින්තලේ සහ රඹෑව අතර මරදන්කුලමේදී සිදුවූ අනතුරකින් නාවික හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය මාර්ගය හරහා ගමන් කළ මී ගවයෙකුගේ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදවච්චිය – පූනෑව නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර ඔහු සේවයට වාර්තා කිරීම සඳහා කදවුර බලා එන අතරතුර දී මෙම අනතුරට මුහුුණ පා තිබෙනවා.