Gossips

බඳ පටියේ සැඟවූ රත්තරන්

ඉතා සූක්ෂම ලෙස බඳ පටියක ඇතුළු පැත්තේ සඟවා රන් බිස්කට් 04ක් රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු ඊයේ (25) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවයි වර්තා වන්නේ.
ඊයේ දහවල් ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති අතර ගුවන් තොටුපළෙන් පිටව යාමට ඇති 'රක්ත මාවත' ඔස්සේ ගමන් ගනිමින් සිටියදී රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.