Gossips

මල් වගාවට මුවා වී කළ නවීන පන්නයේ ගංජා වගාව

මල් වගාවක් පවත්වා ගෙන යන මුවාවෙන් සිදුකර ගෙන ගිය ගංජා වගාවක් වැටලීමට මාරවිල පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඊයේ (25) සවස නාත්තන්ඩිය – පනන්ගොඩ ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
විශාල පොල් ඉඩමක් තුළ මල් වගාවක් සිදුකරන මුවාවෙන් මෙම ගංජා වගාව සිදුකර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තිබී මල්පෝච්චි වල අඩි 02 සිට 05 ක් පමණ උසට ඉතා සරුවට වැඩුණු ගංජා පැල 1100ක් මාරවිල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්
අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙක් ගංජා වගාවේ හිමිකරු වන අතර, අනෙක් සැකකරු සේවකයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.
මොවුන් විසින් වගා කර ඇත්තේ කේරල ගංජා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා ගංජා විශේෂයක් බවයි පොලිසිය පවසන්නේ .
විමර්ශණ වලදී හෙළිවී ඇත්තේ සැකකරුවන් විසින් අදාල ඉඩම පළතුරු වගා කිරීම සදහා යැයි පවසා බදු පදනමක් මත ලබා ගෙන ඇති බවටයි.
එම ස්ථානයේ තිබී ගංජා පානය කිරීම සදහා සැකකරුවන් විසින්ම සකස් කරන ලද විශේෂ උපකරණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නමැති අතර සැකකරුවන් සහ ගංජා තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.