Gossips

රවී කරුණානායකගෙන් අල්ලස් කොමිසම පැය 4 ක් ප්‍රශ්න කරයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසන් සභාව අද, පැය 4 ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරුවන්ටම අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ හැකි බවට බැඳුම්කර සිද්ධිය පිළීබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබුණා.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගේ ස්ථාවරය විමසීම සඳහා අදාළ කැඳවීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.