මාතලේ – මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකු එච් – වන්, එන් – වන් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට සැකයක් මතු වී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ පටක සහ ලේ සාම්පල මෙන්ම සිරුරු කොටස් කිහිපයක් ද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමටයි රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
වෛරස් උණ රෝගයක් හේතුවෙන් පසුගිය සෙනසුරාදා රෝහල් ගත කර ඇති මොවුන් මාතලේ – රත්තොට හා උකුවෙල ප්‍රදේශවල පදිංචි 17 හා 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
පසුව පෙරේදා ඔවුන් හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එච් – වන්, එන් – වන් වෛරසය ආසාදය වීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරන බව මාතලේ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ වික්‍රම හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, ජීවිතක්ෂයට පත්වූ 35 හැවිරිදි පුද්ගලයාගේ ගැබිණි බිරිඳ හා දරුවා ද එම රෝග ලක්ෂණම පැවතීම හේතුවෙන් මේ වන විට ඔවුන් ද රෝහල් ගත කර තිබෙනවා.