Gossips

කාසල්රි ජලාශයේ අලුතින්ම මතුවූ දූපත

කාසල්රි ජලාශයේ ලුතින් මතුවූ දුපතක් ගැන මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත් සමග මෙම දුපත මතු වී ඇති බව සඳහන්.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වනදා හැටන් බගවන්තලාව නිව්වැලි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ නිවාස 5ක් සමඟ කාසල්රි ජලාශයට නාය ගිය අතර එම නාය ගිය කොටස මෙලෙස දුපතක් ලෙස දිස්වන බවයි වාර්තා වන්නේ.
මේ අතර කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිම හේතුවෙන් කාසල්රි ජලාශයේ නිව්වැලිගම ප්‍රදේශයේ සිට මස්කෙලි ප්‍රදේශයට ගමන් කිරිමටද අවස්ථාව උදා ඇති බවද වාර්තා වනවා.
කාසල්රි ජලාශය ජාතික විදුලි බල උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන එක් ජලාශයක්.