ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආබාධිත රණවිරුවන් වෙසෙන අනුරාධපුර – සාලියපුර – ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වුණා.
එහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තු ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනුයි.
අනතුරුව ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට එක්වූ ජනාධිපතිවරයා, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේ ඉදිකර ඇති ජල චිකිත්සක නව පිහිණුම් තටාකය ද පරීක්ෂාවට ලක් කළා.
ප්‍රදේශවාසී ජනතාව ද ජනාධිපතිවරයාගේ පැමිණීම සැලවීමෙන් පසු කදවුරු පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, සාලියපුර ග්‍රාමීය රෝහලේ පවතින අඩුපාඩු පිළිබදව ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
එම ගැටළු සඳහා විසදුම් ලබාදීමට ඉදිරියේදී උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට එවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර, හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වුණා.