පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පක්ෂග්රාහී බැවින් එය ප්‍රතික්ෂේප කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
