Gossips

රට අස්ථාවර මොහොතක ආයෝජන සිදුකළ නොහැකියි

වර්තමානයේ රට තුළ පවතින අස්ථාවර තත්ත්වයේ වෙනසක් ඇතිවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව තුළ තීන්දු ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයක්ද මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් රට තුළ ආයෝජනය කිරීමේදී ව්‍යවසායකයින්ට ගැටළුවක් පැන නැගී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.