Gossips

හෙට සහ අනිද්දා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි

හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 කට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම මධ්‍යම පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.