Gossips

උතුරේ හර්තාල්

උතුර පළාත පුරා මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.
අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක් සිය ඉල්ලීම් වලට විසදුමක් නොමැති වීම හේතුවෙනුයි මෙම හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ.
යාපනය, වවුනියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි සියලූම වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබෙනවා.
එමෙන්ම එම දිස්ත්‍රික්කයන්හි පාසල්වලට අද දිනයේ සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ආරම්භ වන අතර, ඊට සමගාමීවයි මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ.