Gossips

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී මාර්තු 22 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
මෙම සැසියේදී 2015 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවේ ප්‍රගතිය ගැන සැකසූ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කරනු ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙම වාර්තාවේ අන්තර්ගතයි.