Gossips

තිනර් බැරලයක් පිපිරී මල්ලී මරුට, පියාට සහ සොහොයුරාට තුවාල (ඡායාරුප)

පොළොන්නරුව – පුලස්තිගම – ගල්කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී තිනර් අඩංගු බැරලයක් කැපීමට යාමේදී එය පිපිරී වයස අවුරුදු 10ක් වයසැති බාල සහෝදරයා මියගොස් වැඩිමහල් සහෝදරයා සහ පියා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ (24) සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයාට අද දිනයේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවද වාර්තාවනවා.
මාතලේ පදිංචි මොවුන් ඥාති නිවසකට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.