Gossips

වේග පන්දුවෙන් මාලිංග පිහිටවූ එක්දින වාර්තාව, දඟ පන්දුවෙන් රෂීඩ් ඛාන් විස්සයි විස්සේදී සම කරයි

ලසිත් මාලිංග එක්දින තරඟ බිමේ පිහිටුවා තිබූ වාර්තාවක් පන්දු වාර විස්සයි විස්ස තරඟයකදී සම කිරීමට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ඊයේ සමත්වුණා.
ඒ, අයර්ලන්තයට එරෙහිව පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේදියි.
එම තරඟයේදී ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 07 ට ලකුණු 210 ලබා ගත් අතර අයර්ලන්තයට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08 දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණයි.
අයර්ලන්ත ඉනිමේ 16 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී රෂීඩ් ඛාන් කඩුල්ලක් දවාගත් අතර අනතුරුව 18 වන පන්දුවාරයේ පළමු පන්දු තුනේදි කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් පන්දු 04කදි අඛණ්ඩව කඩුලු 04ක් ලබා ගැනීමට සමත් වුණා.