Gossips

පළාත් කිහිපයකට පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.