Gossips

මීගමුව නව එජාප ආසන සංවිධායක වැඩ අරඹයි – හිටපු සංවිධායකගෙන් අත්පත්‍රිකා

එක්සත් ජාතික පක්ෂ මීගමුව නව ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (24) සිය පක්ෂ කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කළ අතර, ඊට විරෝධය පළ කරමින් එහි හිටපු සංවිධායක, නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියක් වාර්තා වුණා.
නව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, මීගමුවේ ආසන සංවිධායක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණේ අද (24) පෙරවරුවේයි.
එම අවස්ථාව ආවරණය කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට ඊට ඇතුළු විය නොහැකි බවයි මන්ත්‍රීවරයාගේ මාධ්‍ය නිලධාරියෙකු ලෙස හැදින්වූ පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ.
එම තත්ත්වයත් සමඟ එය ආවරණය කිරීමට ගිය සියළු මාධ්‍යවේදීන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් යළිත් හිරු මාධ්‍යවේදියාට එය ආවරණය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.
එහිදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු මීට පෙර අප මාධ්‍යවේදියා විසින් ආවරණය කළ පුවතක් පිළිබඳව ද කරුණු දැක්වූ බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම පත් කිරීමට විරෝධය පළ කරමින් මීගමුව හිටපු සංවිධායක, නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු, ගෙන් ගෙට ගොස් අත් පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කළා.

rn