Gossips

ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා වාර්තාව අලූත් කරයි

මෙරට කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් ඔහු විසින්ම මීට පෙර තබන ලද මීටර් 100 ශ්‍රී ලංකා තරඟ වාර්තාව අද අලුත් කර තිබෙනවා.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු සහ දකුණු ආසියානු තේරීම් තරගාවලියේදී ඔහු මෙම දක්ෂතාව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
අද පැවති මීටර් 100 කෙටි දුර ධාවන ඉසව්ව හිමාෂ නිම කර ඇත්තේ තත්ත්පර 10.22කින්.
මීට පෙර එම ඉසව්වේ ඔහු විසින් තබන ලද ශ්‍රී ලංකා වාර්තාව වන්නේ තත්ත්පර 10.26ක්.