Gossips

තම රුව චිත්‍රයට නැගූ පිලිපීන චිත්‍ර ශිල්පියාට ජනපතිගෙන් සමරු තිළිණයක්

තමාගේ රුව සහිත ආලේක්‍ය චිත්‍රයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීමට නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රැනිලෝ අබායන්ට සමරු තිළිණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගන්වා තිබෙනවා.
ජනාධිපතිවරයා පසුගිය දා පිලිපීනයේ සිදුකළ සංචාරය අතරතුර දී එරට ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටි එම ආලේක්‍ය චිත්‍රය ලබාදී තිබුණා.
එය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබූ අතර, සිය සංචාරය නිම කර යළි සිය රට යාමට සූදානම්ව සිටි අතරතුරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටුනායක ගුවන් තොටුපළට ගොස් මෙම සමරු තිළිණය පිළිගන්වා ඇත්තේ.