Gossips

ජංගම දුරකථන වංචාවන් සිදුකළ තරුණයෙක් ගුවන් තොටුපොළේදී අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ පළවන දුරකථන අලෙවි වෙළඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගන්නා බව පවසමින් පැමිණ, ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචාවන් සිදුකළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේදියි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් මෙම 21 හැවිරිදි තරුණයා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිමින් විවාහ දෙකක් සිදුකරගත් අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
දෙහිවල, පානදුර, ගල්කිස්ස, මිරිහාන සහ කටුනායක යන පොලිස් ස්ථානවලට තරුණයා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් තරුණයා අද (24) දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර තිබෙනවා.rn