Gossips

නිවාස 155ක් වතුකරයේ ජනතාවට

ඉන්දීය ආධාර යටතේ බගවන්තලාව – බ්‍රිඩ්වෙල් වතු යායේ ඉදිකරන ලද 155කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත් කරනු ලැබුවා.
මේ, එහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට තවදුරටත් රජය කටයුතු කරමින් සිටින බවයි.
නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, යටිතල පහසුකම් හි සියළු ප්‍රතිලාභ වතුකරයේ ජනතාවට ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පස්වරුවේ මැණික්හින්න – විද්‍යා සාගර පිරිවෙනට ගොස් රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
එමෙන්ම අද (24) උදෑසන මල්වතු මහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.