Gossips

වෙනිසියුලානු දේශසීමාවේ ගැටුම් උග්‍රවේ

ජාත්‍යන්තරය ලබාදෙන සහනාධාර ජනාධිපති මදූරෝගේ හමුදා විසින් වැළැක්වීමත් සමඟ කොළොම්බියාව සහ බ්‍රසීලය සමඟ පවතින වෙනිසියුලානු දේශසීමාවේ පැනනැගුණු ගැටුම් මේ වනවිට උත්සන්න වී තිබෙනවා.
එම සහනාධාර ලබාගැනීමට පැමිණි ජනතාවට මදූරෝගේ හමුදා විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.
එමෙන්ම ඇතමුන් ආරක්ෂක අංශ වෙඩි පහරින් මියගොස් ඇති බවටද විපක්ෂය චෝදනා කළා. වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ තමා එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස නම් කිරීමෙන් අනතුරුව බටහිර රටවල් රැසක් සහය පළ කළා.
මෙම සහනාධාර වෙනිසියුලාව වෙත ලබාදෙන්නේ ද ගුවයිඩෝගේ ඉල්ලීම මතයි. කෙසේ නමුත් මෙය තම රට ආක්‍රමණය කිරීමේ ඇමරිකානු ප්‍රයත්නයක් ලෙස ජනාධිපති මදූරෝ හඳුන්වනවා.