මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද එම ගනුදෙනුව මෙරට හමුදා ඉතිහාසය තුළ ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එළිය සම්මන්ත්රණ මාලාවේ තවත් එක් සම්මන්ත්රණයක් දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවේදී පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.
මෙම සම්මන්ත්රණය සඳහා දේශපාලනඥයින් මෙන්ම සර්ව ආගමික නායකයින් රැසක්ද එක්ව සිටියා.