Gossips

වරදකරු වුනොත් ලිහිල් දඬුවමක් ඉල්ලන්නේ නැහැ – උඩුවේ ධම්මාලෝක හිමි

තමන් නීති විරෝධී ලෙස අලි පැටවෙකු රඳවාගෙන සිටියේ යැයි පවතින නඩුවේ තීන්දුවේදී වරදකරු වුවහොත් ලිහිල් දඬුවමක් ඉල්ලා නොසිටින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ සිය විහාරස්ථානයේ පැවති බෝධිපූජා පිංකමකදී.
නීති විරෝධී ලෙස අලි පැටවකු රඳවාගෙන සිටියේයැයි පොදු දේපළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මාර්තු මස පළමුවැනිදා ලබාදීමට නියතමිත අතර ඒ වෙනුවෙන් සෙත් පතා බෝධිපූජාමය පිංකමක් ඊයේ පස්වරුවේ සිදුකෙරුණේ ඇලන් මැතීනියාරාම විහාරස්ථානයේදී.