Gossips

පෙම් හබයක් නිසා පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝහලේ

බකමූණ – දියබෙදුම පොලිස් මුරපොලේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර, ඇති වූ ආරවුලකින් පසු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම පාර්ශවයන් දෙක ඊයේ රාත්‍රියේ දියබෙදුම පොලිස් මුරපොලට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකදී එක් අයෙකු විසින් එල්ල කළ පොලූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ 43 හැවිරිදි කොළඹ – විජේරාම මාවතේ පදිංචි පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා.
වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඔහු අද අලූයම ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
පහරදීම සිදුකළ සැකකරු ද ගැටුමේදී තුවාල ලබා පොළොන්නරුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.