Gossips

පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඒ අවට මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මාර්ග තදබදය හේතුවෙන් පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.