Gossips

Update – ගාලුපාර රත්ගමින් තවමත් අවහිරයි

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් රත්ගම නගරයේ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් බාධා මතුවූ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ.
පොලිස් විශේෂ කාර්ය බලකාය ද එම ස්ථානයට කැඳවා ඇති අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමින් අවහිර වී තිබෙනවා.
Update:- Saturday, February 23, 2019, 3.00pm
—————————————————–
රත්ගම නගරයට පොලිස් විශේෂ කාර්ය බලකායත් කැඳවයි
ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කර කළ විරෝධතාව රත්ගම නගරයේ මේ වනවිටත් පැවැත්වෙනවා.
එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් පෙරවරු 10ට පමණ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
මේ නිසා රත්ගම නගරය අවට දැඩි රථ වාහන තදබදයක් ද පවතිනවා.
එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගය ද තවදුරටත් අවහිර බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.