Gossips

පොහොට්ටුවේ වෘත්තීය සමිති දේවකන්නලව්වක

දේශපාලන පළි ගැනීම්වලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිති නියෝජිතයින් අද බෙල්ලන්විල රජමහා විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකර දේව කන්නලව්වක නිරත වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස දේව කන්නලව්වක නිරත වුණා.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී කළුතර බෝධියට, හික්කඩුව සීනිගම දේවාලයට, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයට සහ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට ගොස් දේව කන්නලව්වක නිරත වන බවයි.