Gossips

වෙනිසියුලා – බ්‍රසීල දේශසීමාවේ ගැටුමක්

බටහිර රටවලින් ලබාදෙන මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කරමින් දේශසීමා වසා දැමීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ගනු ලැබූ තීරණයට එරට වැසියන් දැඩි විරෝධයක් එල්ල කරනවා.
ප්‍රකෝප වූ වැසියන්, එරට ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
වෙනිසියුලානු වැසියන් විරෝධතා පවත්වමින් කියා සිටියේ තම රටට මානුෂීය ආධාර අවශ්‍ය බවටයි.