Gossips

මත්පැන් විසවීමකින් ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා කළේ මත්පැන්වලට විෂ මිශ්‍රවීම හේතුවෙන් මෙලෙස මොවුන් මියයන්නට ඇති බවට සැක කරන බවයි.
මියගිය අය අතර කාන්තාවන් 15 දෙනෙකු සිටින බවද වාර්තා වනවා.
මීට පෙරද ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ උත්තර්ඛාන්ද් ප්‍රදේශ් හි මත්පැන් විෂවීමකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.