Gossips

ලක්ෂ 10ක හෙරොයින් සමඟ දෙදෙනෙකු කැළණියේදී අල්ලයි

රුපියල් ලක්ෂ 10ක් වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු කැළණිය – කොහාවිල් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවයි.
අවුරුදු 22 ක් වයසැති මොවුන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.