Gossips

වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ

අද දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර උතුර, දකුණ සහ වයඹ පළාත්වලත් මොණරාගල, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-45 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.