Gossips

ජනපති සහ විපක්ෂ නායක ඇතුළු සන්ධාන පක්ෂ නායකයින් සාකච්ඡාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නව සන්ධානය පිහිටුවීමට දායකත්වය ලබාදෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
රාත්‍රී 7ට එම රැස්වීම ජනාධිපති නිළ නිවසේදී ආරම්භ වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙහිදී නව දේශපාලන සන්ධානය සහ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
මීට පෙර පසුගිය 6 වනදා දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ජනපති නිල නිවසේදී පැවැත්වුණා.
එහිදී, නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුද නම් කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ඩග්ලස් දේවානන්දා ඊට අයත්.