Gossips

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 128කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ලකුණු 128කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 222 කට සීමා වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 154 ක් පමණයි.
ඒ අනුව ලකුණු 68ක වාසියක් සමඟින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා.
එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆාෆ් ඩූ ප්ලසීස් නොදැවී ලකුණු 50ක් රැස්කළ අතර හෂීම් අම්ලා ලකුණු 32ක් ද ආරම්භක පිතිකරු එඩින් මාක්රම් ලකුණු 18ක් රැස් කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ප්‍රබල පිත්කරන ලැයිස්තුවේ සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 10 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
එහිදී සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානු කඩුලු 04ක් බිඳ දැමු අතර ධනංජය ද සිල්වා කඩුලු 03ක් බිඳ දැමුවා.
ඒ අනුව දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ලකුණු 128කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය ලකුණු 197ක්.