Gossips

රත්ගම අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බවට හෙළිවේ

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගිය බවට වාර්තා වූ දෙදෙනා අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලස්මුල්ල – මැදගම්ගොඩ රක්ෂිතයකදී පුළුස්සා ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
එලෙස පුළුස්සන ලද ශරීර අස්ථි කොටස් සහ දත් කැබලි කිහිපයක් අදාළ රක්ෂිතයේ තිබී හමුවී ඇති බව සඳහන්.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මාතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත ඊයේ (22) සිට මෙම මාරුවීම් ලබාදී ඇති බවයි.