Gossips

ලොවම කැළඹූ ශ්‍රී දෙවි ගේ මරණයට මොහොතකට පෙර ලැබුණු දේ

ඉන්දීය සුපිරි සිනමා නිලි ශ්‍රීදේවීගේ මරණය සම්බන්ධයෙන් ඇය නතරවී සිටි හෝටලයේ සේවකයන් ද ඇතුලු විශාල පිරිසකගෙන් ඩුබායි ආරක්ෂක අංශ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එමෙන්ම ඇය කැටුව මංගල උත්සවයට පැමිණි සැමියා, දියණිය මෙන්ම ඥාතීන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව රෝහලකින් පිටතදී සිදුවන ඕනෑම මරණයක් පිළිබඳ දැඩිව විමර්ශණ සිදු කෙරෙනවා.
එය ස්වභාවික මරණයක් වුව ද ඒ සම්බන්ධයෙන් දැඩි විමර්ශණයක් සිදු කිරීමයි ඩුබායි රාජ්‍යයේ නීතිය වන්නේ.
අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඩුබායි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ මරණ පරීක්ෂණයෙන් පසුව තවදුරටත් විමර්ශණ කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ශ්‍රීදේවීගේ සැමියා වන බොනී කපුර්ට ඩුබායි ආරක්ෂක අංශවල අනුමැතියකින් තොරව රටින් පිටවීමෙන් වලකින ලෙසට ද උපදෙස් ලැබී තිබෙනවා.
මේ අතර සුපිරි නිලියගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද ඩුබායි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
හදිසි මරණයට සිදුවීමට පැය 48 කට පෙර සිට ශ්‍රීදේවිගේ දුරකථනයට ලැබුනු සහ ලබාගත් ඇමතුම් පිළිබඳ මෙහිදී විමර්ශණය කෙරෙන බව සඳහන්.
එක් අංකයකින් අඛණ්ඩවම ලැබුනු ඇමතුමක් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ සිරුර ඉන්දියාවට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් ඩුබායි ගුවන්තොටුපලේ මේ වන විටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.
එහෙත් සිරුර රැගෙන යාමට මෙතෙක් අවසර හිමි නොවීම හමුවේ පස්වරු 4.30 ට පිටත්වීමට තිබු යානය තවදුරටත් ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.