Gossips

කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කුරුණෑගල – කරඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ඊයේ සිදුකළ වැටලීමකදීයි.
31 හැවිරිදි මෙම පුද්ගලයා අදාළ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ඔහු පුත්තලම – පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.